රැකියා අපේක්‍ෂකයන් උදෙසා ....
අප අනුග්‍රාහක භවතුන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීය හා ජාතික පුරප්පාඩු මත අප දැන්වීම් කරණයේ නියලී සිටින අතර වසර 10 කට අධික සංචාරක ක්ෂේත්‍රයේ අත්දැකීම් මත සුදුසු අපේක්ෂකයන් සොයා හබා යන්නට අපි සමතුන් වන්නෙමු.
මෙහිදී වැදගත් වන්නේ අපේක්ෂකයාගේ / ඉල්ලුම්කරුගේ කැමැත්ත මෙන්ම එම තනතුර ඔස්සේ ඔහුට / ඇයට ඉදිරි වෘතියමය පියවර තැබීමට හැකිවීමයි. මේ හේතුව නිසාම ආරම්භයේ දී ඔබගේ ජීව දත්ත සටහන අපට අවශ්‍ය වන අතර එමගින් ඔබට සරිලන රැකියා අවස්ථාව නිවැරදිවම ඔබට ලබා දීමට අපට හැකියාව ලැබේ.
සියළුම අයදුම් කරුවන් හට සංවිධානාත්මකව හා ඒක පුද්ගල වශයෙන් මෙන්ම රැකියාවෙන් දියුණු වන්නට අවශ්‍ය සියලු උපදෙස් හා තොරතුරැ ලබා දෙමින් සහයෝගය දක්වන්නෙමු.
තවද ඔබගේ වැඩි විස්තර අප සන්තකයේ ඉතාමත් ආරක්ෂිතව තබා ගන්නා අතර අනුග්‍රාහක මහතුන් / සේවා දායක මහතුන් හට ඔබව යොමු කිරීමට ප්‍රථම ඔබ පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් කරන්නෙමු . මෙමගින් ඔබට යා හැකි ඉහලම රැකියා අවස්ථාවට යා හැකියි.